වීදුරු
සිංහල
- ඛනිජ වැලි උණු කිරීමෙන් සාදන, අවර්ණ විනිවිද පෙනෙන සුළු භංගුර ද්‍රව්‍යයකි. එසේ වුවත් වීදුරු වලට මිශ්‍ර කරන වෙනත් සංයෝග මගින් වීදුරු පාරදෘෂ්‍ය හෝ පාරභාෂක කළ හැකි අතර විවිධ වර්ණ ගැන්වීමට ද හැක. වර්තමානයේ, ගින්නට හෝ විශාල පීඩන වලට ඔරොත්තු දෙන, වෙඩි පහරට ඔරොත්තු දෙන, එක් අතකට පමණක් ආලෝකය ගමන් කරන ආදී විවිධ වීදුරු වර්ග ද නිපදවා ඇත.